Monday, August 31, 2015

ආදරය කරන්න

ලේඛකයෙකුගේ දින පොත 6 කොටස

වාසී අවාසී මැද්දේ ගෙවුනු සතිය හරි අපුරුයි. අපට හැම විටම ජය ලැබෙන්නේ නෑ. නමුත් මම නම් කවාදාවත් පාරාද වෙන්නේ නෑ. තවකාලික පසුබැසීම් පාරජයක් ලෙස හිතලා තවදුරටත් උත්සහා නොකර උන්නොත් ඔයා අමාරුවෙ වැටෙනවා.
කොල්ලන්ට නම් මේක ටිකක් හුරුයි. මතක් කර ගන්නකෝ ඔයා ආදරය කරන කෙනා එක පාරටම හා කිව්වද? ගොඩක් දුරට බෑ කියලා තමයි හා කියන්නේ නැද්ද? මම බොරුද කියන්නේ. හොදයි අපි ගිය සතියේ අලුත් වැඩක් කරා නේ. ඒ වැඩේ දන්නේ නැති අය මේකට ගිහිල්ලා කියවලා බලන්න. දැන් ඔයා ඒ දේ අමතක වෙලා වෙන්න ඇති. එහෙම නම් කියවලා බලන්න නැවත. ගිය සතියේ අපි අපේ අරමුණ අපේ හීනේ ගැන කතා කළා මතක ඇති. ඔයා ඔයාගේ හීනෙට කොච්චර ආදරේද? ගොඩක් වෙලාවට අපි ආදරය කරන්න හරි ලෝභයි. අපි අපිටවත් ආදරය කරන්නේ නෑ. සමරහ වෙලාවට අපි හරයට හුස්ම ගන්නේවත් නෑ. ආ මල්ලි නංගි කියන්න අමත වුනා මගේ ලිපි කියවද්දි නිකම්ම කියවන්න එපා. කොලයක් පෑනක් ගන්න. මම කියන ඇක්ටිවිටිස් කරන්න. මම හරි අකමැති දෙයක් තමයි ඔය ඉංගිරිසි කෑලි සිංහල මැද්දෙන් දාන්න. එත් වට්ටු ඩු අපේ ඉන්නවා නේ ඒකටත් ආස කොල්ලෝ කෙල්ලෝ ටිකක්. වල් පල් කිව්වා ඇති. දැන් ලෝභ නැතුව හොද හුස්මක් ගන්න. හොද ගැඹුරු හුස්මක් පෙනහැල්ල පිරෙන්න හුස්ම ගන්න. මේක එලියට ගිහිල්ලා කෙරුවා නම් ගොඩක් හොදයි. නැවුම් වාතයෙන් ඔයාගේ පපුව පිරෙද්දි ඇස් පියාගෙන් ඔයාගේ හීනේ ගැන හිතන්න. ඇත්තටම ඔයාගේ හීනේ ලඟට යන්න ඒක තුළ ජිවත් වෙන්න. ඒකට ආදරය කරන්න. ආදරය කියන්නේ පුදුමාකාර ගුණංගයක්. ආදරය කියන්නේ දෙවියන්ට කියලා බයිබලයේ කියලා තියෙනවා.
ජේසු දුන්න නීති දෙකේම තියෙන්නේ ආදරය ගැන ඒවගේම මුළු දේව නීතියේම හරය ආදරය නැත්නම් ප්‍රේමය කියලා ජේසු කිව්වා. සෝ ඔයාගේ හීනෙට ආදරය කරන්න. මම කියන්න අදහස් කර ගෙන උන්නු බොහෝ දේවල් එකෙන් කියවුනා. නමුත් අරමුණක් ඉටු කරගන්න අවශ්‍ය ද්‍රව්‍ය මොනාද කියලා අපි පිළිවෙලට බලමු.

1.ආදරය

2.විශ්වාසය

3. පිළිවෙල


ආදරය ගැන අපි කථා කළා නේද? ආදරය ගැන අපිට පොත් දාහක් හරි ලියන්න පුළුවන්. පරිසරයට හිරැ වාගේයි ජිවිතයට ආදරේ. හිරැ නැති කාලේ කටුකයි සීතයි මුළු ලොවම මිය යයි. ආදරය නැත්නම් ජිවිතයත් ඒ වාගේ වෙයි. නමුත් මල්ලි නංගි මේක හිතන තරම් ලේසී වැඩක් නෙමේ. හිතන්නකෝ ඔයා පාසැල් යන කෙනෙක් නම් අම්මා තත්තා බනිනවා. රස්සාව කරන තැන බොසා බනිනවා. බොයි ෆෙරෙන්ඩ් බනිනවා. දැන් ඒ පුද්ගලයන් ගැන ආදරය හිතෙනවද? ඔයාට තරහක් නේද එන්නේ? අන්න අපිට වරදින තැන. එයාලා බනිනකොටත් රවනකොටත් එයාලා ගැන හොද හිතන්න. සමහර වෙලාවට එයාලා බනිනේ ඔයා ගැන හිතන නිසා වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔයා ගැන වැරදි විදියට හිතගෙන ඇති. වැරදි තොරතුරක් කව්රු හරි කියලා ඇති. ඒ නිසා නිසලව ඒ අයට හිතින් ආදරය කරන්න. එතකොට එයාලට මොනාද වෙන්නේ? එයාලට හිතෙයි තප්පෙකට බැන්නා වගේ කියලා. බනින එක තරහා ගන්න එක එයාලගේ ප්‍රශ්නයක්. ඇයි ඔයා ඒක ඔළුවට ගන්නේ. ඔයාගේ ඔළුව පිරිලා තියෙන්න ඔනා ඔයාගේ අරමුණෙන්. සෑම තප්පරයක්ම ඒ ගැන හිතන්න.ඒ අරමුණට යන එක නවත්තන්න කාටවත් ඉඩදෙන්න එපා. කිසිම වෙලාවක වෛරය නැමති විස මනසට ඇතුල් කර ගන්න එපා. ජේසු කිව්වා එක කම්මුලකට ගැහැවුවොත් අනිත් කම්මුලත් දෙන්න කියලා. ජේසු සරල වචන වලින් පැහැදිලි කලේ මේ අදහස තමයි. ඒ නිසා හැම වෙලාවෙම ආදරය කරන්න. හීනා වෙන්න. හිත නිසල කර ගන්න. ලොභ නොවී කටයුතු කරන්න. ඔයාගේ ජිවිතේ සැනසීම සතුට ගොඩක් වැඩි වේවි. බයිබලය කියන පොතට මම කැමති ඒකේ ප්‍රේමය ගැන ගොඩක් තියෙන නිසයි.
අපිට මුළු සිතින්ම අපි කරන දේට ආදරය කරන්න පුළුවන්නම් ජයග්‍රහණය එතැනයි. මම දන්න හිතවත් තරුණ ළමයෙක් හිටියා එයාගේ නම හේෂාන් කියමුකෝ හේෂාන්ට ඉගෙන ගන්න ඔනා එත් ආසාවක් තිබුනේ නෑ. මේ ඉන්න අතර තුර එයාට හම්බ වුනා දීප්තිව. දීප්තිගේ අත් දෙකයි කකුල් දෙකයි පණ නෑ. එත් එයා ව්‍යපාරිකයෙක් බවට පත් වෙලා තිබුනා. හේෂාන් දිප්තිගෙන් ඇහුවා ඇගේ රහස මොකක්ද කියලා. දීප්ති කිව්වේ රහස තමයි ආදරය එයා හැමදේටම වඩා ව්‍යාපාරයට ආදරෙයි කිව්වා. හේෂන් එතැන ඉඳලා ආදරය කරන්න පටන් ගත්තා අධ්‍යාපනයට. දැන් එයා හොදට ඉගෙන ගන්නවා. කැම්පස් යන්නත් ලෑස්තියි. ඇත්තටම ආදරය කරන්න. ආදරය දුන්නොත් තමයි ආදරය ලැබෙන්නේ. මම මෙහෙම අවසන් කරන්නම් අද කොටස, මම මේ බොලොග් එක පටන් ගද්දි කවුරුත් කියෙව්වේ නෑ එත් අද සතියට 100 ගානක් මගේ බ්ලෝග් එක කියවනව ඇයි ඒ? එකට හේතුව මගේ හීනේට මම ආදරය කළා. ඔයාගේ හීනේ දකින්න හීනේ ගැන හිතන්න එකට ගොඩාක් ගොඩාක් ආදරය කරන්න. ඔයාට විශ්වාස කරන්න පුළුවන් ඔයාව විශ්වාස කරන මට ඔයාගේ ඔනෑම ගැටලුවක් ලියලා එවන්න. අපි එකතු වෙලා උත්තර හොයමු. 

No comments:

Post a Comment