Monday, December 21, 2015

ආදරය-මුදල්



මාස කීපයක් මම කාර්යය බහුලව උන්නා දැන් ඔන්න මම අයේ අවා සීතලත් අරගෙන දෙසැම්බර් මාසයේ. අපේ කථාවට යන්න කලින් ඒ කියන්නේ ජිවිතේ සාර්ථක බව ගැන කථාව, ඔයාට මුල් කොටස් කියවන්න ඔනා නම් මෙතනින් බලන්න. ඒකට යන්න කලින් පොඩි විස්තරයක් කියන්න කැමතියි මම ගැන හා මේ බ්ලෝග් එක ගැන. මම ලේඛකයෙක් මේ බ්ලෝග් එක මුලින්ම පටන් ගත්තේ මම ලියන දේවල් ගැන මගේ රසිකයන්ව දැනුවත් කරන්න. එත් මම හිතුවා ඊට වඩා යම්ක් කරන්න ඔනා කියලා. ඊට වඩා දෙයක් දෙන්න ඔනා කියලා. ඉතිං මම ජිවිතේ ගැන ලියන්න පටන් ගත්තා. මේක තමයි ජිවිතේ ගැන මම ලියන  3 වන කොටස. ඇත්තටම ජිවිතේ නම් මාරයි. හරිම ජොලි. අපිට සතුටු වෙන්න කොච්චර දේවල් තියෙනවද? ඒවා විස්තර කරන්න පොත් 10000000ක් වත් ඔනා. නමුත් බොරු වළා පටල වලින් අපි ඒ සතුට වහගෙන ඉන්නවා. අපි ඒවා ඉවත් කරලා සතුටු වෙමු. ඒකට මම උදව් කරන්නම්. හරි අපි ගිය සතියේ කථා කළා ආදරය ගැන.

ආදරය කියන්නේ ජිවිතය අපට ඔනා තැනට ගෙන යන්න උදව් කරන ප්‍රධානම අංගය. තව දෙකක් අපට ඔනා ජිවිතය ජය ගන්න ඒ තමයි විශ්වාසය හා පිළිවෙල. මේ දෙක ගැන කාථා කරන්න කලින් ආදරය ගැන කථා කරන්න තව දේවල් තියෙනවා. අපි කථා කරමු ආදරය ජිවිතේ ප්‍රධාන පැති වලට බලපාන විධිය.  මොනාද ජිවිතේ ප්‍රධාන පැති.

1.       රැකියාව හා මිල මුදල්
2.       මිතුරන් හා නෑසම්බන්ධතා
3.       ශරීර සෞඛ්‍ය හා පෙනුම

රැකියාව හා මිල මුදල් 


රැකියාවට හා මිල මුදල් වලට ආදරය කරන්න කිව්වොත් බොහෝ අය කියාවි ආ..... සල්ලි වලට ආදරය කරන්න. ඒක නම් එච්චර හොද වැඩක් නෙමෙයි කියලා. නමුත් අපිට සල්ලි නැතුව බෑ නේද? සල්ලි ඔනා. ඒ නිසා සල්ලි වලට වෛර කරලා බෑ. ඉසසර උන්නු බොහෝ පුජකයෝ මුදල් ගැන හිතන්න ඒපා කියලා කිව්වා එත් ආගම් වල සැබෑ අරමුණ අපිව යහපත් කිරීම නම් මුදල් වලට වෛර කිරීම සුදුසු නෑ. මුදල් වලින් කෙනෙක් සුන්දර වෙනවා. මුදල් වලට පුළුවන් කෙනෙක්ව ලස්සන කරන්න. එහෙම නම් මුදල් අපිට ආරක්ෂාවක් එහෙමයි බයිබලයේ පවසන්නේ. මුදල් හම්බ කරන බොහෝදෙනා පොසත් වුනු බොහෝ අය මුදල් ගැන හොද හැගීමක් තිබෙන අයයි. මේ අයට ලෝක අර්ථිකයේ බිද වැටීම් යුද්ධ රටවල අස්ථාවරභාවය බලාපා නෑ. රොත්ස්චයිල්ඩ් පවුල යුරෝපයේ කාලයක් බැංකු කටයුතු කළ පවුලක් අදටත් ඔවුන්ගේ පවුල බැංකු කටයුතු වලට ප්‍රසිද්ධයි. නැපොලියානු යුද්ධය පැවති කාලයේ ඒ කියන්නේ ප්‍රංශයේ වොටර්ලු ප්‍රදේශයේ නැපොලියන් හා එංගලන්තය සටන් වැදි සමයේ බ්‍රිතාන්‍ය කොටස් වෙළඳපොළ කඩා වැටුනා. වෙළඳපොළ කඩා වැටෙන විට නෙතන් රොත්ස්චයිල්ඩ් කොටස් වෙළඳපොලේ ආයෝජනය කළා. එංගලන්තය ජයග්‍රහණය කලා. එක දවසින් නෙතන් රොත්ස්චයිල්ඩ් කෝටිපතියෙක් වුනා. මුදල් වලට තියෙන ආදරය වැරදි නෑ. නමුත් කුහක හා නරක සිතුවිලි මුදල් නොමගට යොමු කළ හැකියි. මුදලට ආදරය කරන්න. නමුත් පෙරේත වෙන්න එපා. මතකනේ අපේ රටේ යුද්ධයක් තිබුනා. අවුරුදු ක කාලයක් මේ කාලය ඇතුලත බොහෝ පෝසතුන් ලංකාවේ බිහි වුනා. යුද්ධය ඒ අයට බලපෑවේ නෑ. අපේ රටේ කොටිපති ව්‍යාපරිකයන් බිහි වුනා. වසර 2006දී ආර්ථික අවපාතය ලෝකෙටම බලපෑවා නමුත් ලොකේ බිලියනපතියන් ගණන වැඩි වුනා මිසක් අඩු වුනේ නෑ. බිලියනපතියන්ගේ වත්කම් වැඩි වුනා. මේ පොසතුන්ට මුදල් ගැන හොද ආකල්පයක් තිබෙනවා. මුදල් ගැන හොද ආකල්පයක් ඇති කර ගන්නේ කොහොමද

අපි ඉන්නේ විශාල ආර්ථික ප්‍රශ්න ගොඩක නම්, දාරාගන්න බැරි බිල් ඔබට එනවා නම් මුදල් ගැන හොද ආකල්පයක් නැතිව යන්න පුළුවන්. මේක අපි වෙනස් කරමු. ඔබ දැන් ඉන්න තත්වයවයවත් රටේ ආරථික ප්‍රශ්නවත් මුදල් ආකර්ශනය කර ගැනීමට බල පාන්නේ නෑ. ඔබේ ආකල්ප තමයි බලපාන්නේ. එහෙම නම් අපි ආකල්ප වෙනස් කරමු. ඒකට අපි පොඩි සෙල්ලමක් කරමු. ඔබ වෙත ආපු සේරම බිල් ලඟට ගන්න. බිල් නැත්නම් කොලෙක ගෙවන්න තියෙන ගණන් ලියන්න. දැන් ඒ බිල් නිසා ඔබට ලැබුනු දේ ගැන සිතන්න. ඒ ලැබුනු දේට ස්තුති කරන්න. ඇත්තටම ‍ෆොන් එකෙන් අපි කොච්චර වැඩ කරගන්න ඇද්දවිදුලිය අපිට කෙතරම් ප්‍රයෝජනවත්ද? ඒ නිසා ඒ බිල් වලට බනින්න එපා. ඒ වලට ස්තුති කරලා බිල ගෙව්වා කියලා හිතන්න. ඇත්තටම ඒ විදියට හිතන්න. නොදැක විශ්වාස කරන්නා අශිර්වාද ලද්දේය කියා කියනවා බයිබලයේ. ඊට පස්සේ බලන්න වෙන දේ. බිල ගෙවන්න මුදල් ලැබුනට පස්සේ කොලේ ලියන්න බිල ගෙව්වා ස්තුතියි කියලා

තව සෙල්ලමක් චෙක් කොලයක් ගන්න මාසේ ඔයාට අවශ්‍ය මුදල් නැත්නම් ඔයා හම්බ කරන්න බලාපොරොත්තු වෙන මුදල එකේ ලියන්න. දැන් හැමදාම උදේ ඒ චෙක් එක ඇත්තටම ලැබුනා කියලා හිතලා ස්තුති කරන්න. මුදල් ගැන වැරදියට හිතන්න එපා. මුදල් වලින් අපට බොහෝ යහපත් දේවල් කරන්න පුළුවන්. ඒ වගේම අයහපතත් කරන්න පුළුවන්. හිතන්න රස අඹ ගෙඩියක් කපන්න උදව් වෙන පිහියකින් කෙනෙක්ව මරන්නත් පුළුවන්. ඒ වෙගේ මුදල් යොදවලා හොද දේ කරන්න පුළුවන්. Zero negatives කියන්නේ මම අත් හදා බලන සංකල්පයක්.කිසිම දෙයක් ගෙන පොඩ්ඩක්වත් සෘණාත්මකව අපි හිතන්නේ නෑ. සෘණාත්මකව කටයුතු කරන්නේත් නෑ. එහෙනම් මුදල් ගැනත් ඒ විදියට අපි හිතමු.