Thursday, June 25, 2015

ජුනි 22 ජිවිතය

දැහැමි සෙමෙන් ලිය වෙමින් පවති. මාගේ දින පොත ලියන්න තරමක් මා ප්‍රමාද වුනෙමි. නමුත් අද මට යම් කාලයක් ලැබුනු නිසා මේසේ ලියන්නට සිතුවෙමි. අද මම තරමක් පාන්දර නැගිට්ටෙමි. අද මම මේ දවස් වල කියවන පොතක තියෙන අදහස් බෙදා ගන්න කැමතියි.

ලෝකය දිහා බලන විට අපට පෙනෙන්නේ ශක්තිමත්ම අය යුද්ධය නොදනන බවත් බුද්ධිමත්ම අය ඉහලට නොවන බවත්ය. සාර්ථකත්වයට රහස කුමක්ද? එය නම් විශ්වාසයයි. දැඩි විශ්වාසය තුළ අපට බොහා්දේ කළ හැකියි.මේ බව බොහෝ උගතුන් පිළිගෙන තිබෙනවා. එක් අවස්ථාවක ජේසු පැවසුවේ විශ්වාසය අබ ඇටයක් ප්‍රමාණය ඇත්නම් කන්දක් වුනත් ඉවත් කළ හැකි බවයි.

ස්ටීව් ජොබ්ස් නැමති ව්‍යාපාරික නිර්මාපකයා පවසන්නේද මේ දෙයමයි. ඔහු කියන්නේ ලෝකය විසින් ඔබට නිර්මාණය කර දී ඇති සීමා වල නොරැදෙන ලෙසයි.

ජිවිතය අසීමිතයි කියා සිතන්න. වෙනස් කරන්න. ඔහු ඒ විධියට නොසිතුවා නම් අද වන විට පර්සනල් කම්පියුටර් එකක හෝ නොතිබෙනු ඇත. තොමස් අල්වා එඩිසන් තම සීමාවේ සිටියා නම් විදුලි බුබුළ නිර්මාණය නොවනු ඇත. ඒ අනුව අප පෙට්ටියෙන් පිටත සිතිය යුතුයි. ටිකක් හිතන්න ටිකක් ආඩම්බර වෙන්න මැලි වෙන්න එපා.

ඔබගේ සීමාව අතික්‍රමණය කරන්න. ඒ වගේම එය කළ හැකි බව සිතන්න.

කළ නොහැක්කක් නොමැත - මහත්මා ගාන්ධි

ඔව් කළ නොහැක්කක් නොමැත.

ජිවිතයට මුදල් වැදගත්ද? ගොඩදෙනෙක් මුදල් වලට ආස වුනත් කියන්නේ හා පෙන්වන්නේ මුදල් අවශ්‍ය නැති බවයි. මුදල් වලට සතුට ගෙන ආ නොහැකි බවයි. නමුත් එය පුර්ණ සත්‍යයක්ද? නෑ එය පුර්ණ සත්‍යයක් නොවේ. ඇතතටම මුදල් නොමැතිව ලත වනවාට වඩා මුදල් ඇතිව සිටීම ඉතාම යහපත් වේ. මුදල් ඇත නම් ජිවිතයේ බොහෝ දේ ගැන කනස්සලු නොවිමට අපට හැකියි. එහි අවසාන ප්‍රතිපලය ප්‍රීතියයි. නමුත් මුදල් අත්කර ගන්න අපි කළ යුත්තේ කුමකුද?

1. පැහැදිලි අරමුණක් අපට තිබිය යුතුයි. අපට අවශ්‍ය මුදල් ප්‍රමාණය නිශ්චිතව හා අවශ්‍ය දිනය සඳහන් කළ යුතුයි.

2. ඒ වෙනුවෙන් අපි ලබා දෙන්නේ කුමක්දැයි දැන සිටිය යුතුයි.

3. එමෙන්ම ඒ අරමුණ ලිඛිතව තබා ගත යුතුයි.

4. එම ලේඛනය නිතිපාත කිය විය යුතුයි - ඇයි? ඒකට හේතුව යම්ක් නිතර නිතර කියෙව්වොත් විතරයි ඒ අරමුණ අපිට දාරණය කර ගත හැකි වන්නේ. ඔකේ බොයිස් අපි ඊළඟ කොටසින් හමු වෙමු.