Tuesday, May 26, 2015

2015-05-26 වන දිනය

උදේ නැගිටලා දහමි කථාවේ ඉතුරු කොටස ලියන්න හිතාගෙන හිටියේ නමුත් පාන්දර අවදි වීම මට හරිම අමාරු දෙයක්. කියන්න අමතක වුනා මේක මම ලියන්නේ කථාකරන භාෂාවෙන්, මට ඔනා හරිම සරල විදියට මේක ලියන්න. ඉතිං එලාම් වැදුනත් නින්ද ගියා උදේ 7 විතර වෙනකන් නිදා ගත්තා ඔන්න ඉතිං මගේ නෝනා මට කිරි තේ හදාගෙන ආවා. කිරි තේක මට ඔනම දෙයක්. කොහොම හරි ඔන්න ඉතිං ලියන්න විදියක් නෑ වැඩට යන්න ඔනා. ඉතිං වැඩට ගියා. මඟ යනකොට ඔන්න පැච් එකක් ගියා බයික් එකේ.

මේ වෙලාවට තමයි මට යථාර්ථය ගැන කල්පනා වෙන්නේ. ඒ කියන්නේ අපේ මනසට හැකියාවක් තියෙනවද යථාර්තය වෙනස් කරන්න. පැච් එකක යයි කියලා හිතුවොත් පැච් එකක් යනවද? සර්ව සුභවාදීව නැත්නම් පට්ට හොද විධියට හිතුවොත් හොද දේ සිදු වෙනවාද? මේ ලඟදී මට හම්බවුනා ද සීක්‍රට් කියලා පොතක්. එයාලාගේ මතය අනුව අපේ සිතුවිලි භෞතික දෑ හෝ සිදුවීම් බවට පත් වෙනාවා කියලයි පැවසෙන්නේ. එහි යම් හරයක් තියෙනවා. උදාහරණයකට ඇපල් ෆෝන් එකක් ගන්න කොතරම් අලංකාර නිර්මාණයක්ද? මේක මුලින්ම බිහිවුනේ ස්ටීව් ජොබ්ස්ගේ මනසේ සිතුවිල්ලක් විධියටයි. ඒ සිතුවිල්ල භෞතික වස්තුවක් බවට පරිවර්ථනය වුනා. ඒ නිසා අපි හිරි සිතුවිලි හිතමු.

හවස මළගෙයක්. එකත් මට හොද අද්දැකීමක් වුනා. මළ ගෙදරකට ගියාම අපි දුකෙන් ඉඳිවී කියලා අනිත් අය අපෙන් බලාපොරොත්තු වෙනවා. ඉතිං අපිත් මැළවුනු මුහුණු හදාගෙන සාමජයේ අවශ්‍යතාව උදෙසා කණගාටුවෙන් ඉන්නවා.නමුත් අපිට සැබෑ දුකක් නෑ. කෙනෙක් අඬනකොට ගොඩක්ම ගෑනු අයත් අඬනවා. මේක දුකද අණුකරනයද? අපේ මොළයේ අනුකරණ සෛල යනුවෙන් කොටස් තිබෙනවා. එම සෛල වල අරමුණ අන් අයව අණුකරණය කිරීමයි. ඉතිං පිරිසක් අඬන විට ඉබේම ඇඬෙනවා. හොදට බලන්න පිරිසක් ඉන්න තැනක කෙනෙක් කැස්සොත් අනිත් අයත් කහින්න පටන් ගන්නවා. ඈනුමක් ඇරියොත් ඒ දේම අනිත් අයත් අනුකරණය කරනවා. මේවා සිදු වන්නේ අපේ ශරීරයේ භෞතික සැලැස්ම නිසයි.

දැන් මම ගෙදර යාළුවෙක්ව එයාර් පොට් ඇරලන්න තියෙනවා. දැහිමි එකේ ඉතුරු ටික ලියන්න ඔනා. හෙට හමුවෙමු. චේන්ජ් එකකටත් එක්ක ආතිෆ්ගේ සිංදුවක් අහනවා.