Monday, August 31, 2015

ආදරය කරන්න

ලේඛකයෙකුගේ දින පොත 6 කොටස

වාසී අවාසී මැද්දේ ගෙවුනු සතිය හරි අපුරුයි. අපට හැම විටම ජය ලැබෙන්නේ නෑ. නමුත් මම නම් කවාදාවත් පාරාද වෙන්නේ නෑ. තවකාලික පසුබැසීම් පාරජයක් ලෙස හිතලා තවදුරටත් උත්සහා නොකර උන්නොත් ඔයා අමාරුවෙ වැටෙනවා.
කොල්ලන්ට නම් මේක ටිකක් හුරුයි. මතක් කර ගන්නකෝ ඔයා ආදරය කරන කෙනා එක පාරටම හා කිව්වද? ගොඩක් දුරට බෑ කියලා තමයි හා කියන්නේ නැද්ද? මම බොරුද කියන්නේ. හොදයි අපි ගිය සතියේ අලුත් වැඩක් කරා නේ. ඒ වැඩේ දන්නේ නැති අය මේකට ගිහිල්ලා කියවලා බලන්න. දැන් ඔයා ඒ දේ අමතක වෙලා වෙන්න ඇති. එහෙම නම් කියවලා බලන්න නැවත. ගිය සතියේ අපි අපේ අරමුණ අපේ හීනේ ගැන කතා කළා මතක ඇති. ඔයා ඔයාගේ හීනෙට කොච්චර ආදරේද? ගොඩක් වෙලාවට අපි ආදරය කරන්න හරි ලෝභයි. අපි අපිටවත් ආදරය කරන්නේ නෑ. සමරහ වෙලාවට අපි හරයට හුස්ම ගන්නේවත් නෑ. ආ මල්ලි නංගි කියන්න අමත වුනා මගේ ලිපි කියවද්දි නිකම්ම කියවන්න එපා. කොලයක් පෑනක් ගන්න. මම කියන ඇක්ටිවිටිස් කරන්න. මම හරි අකමැති දෙයක් තමයි ඔය ඉංගිරිසි කෑලි සිංහල මැද්දෙන් දාන්න. එත් වට්ටු ඩු අපේ ඉන්නවා නේ ඒකටත් ආස කොල්ලෝ කෙල්ලෝ ටිකක්. වල් පල් කිව්වා ඇති. දැන් ලෝභ නැතුව හොද හුස්මක් ගන්න. හොද ගැඹුරු හුස්මක් පෙනහැල්ල පිරෙන්න හුස්ම ගන්න. මේක එලියට ගිහිල්ලා කෙරුවා නම් ගොඩක් හොදයි. නැවුම් වාතයෙන් ඔයාගේ පපුව පිරෙද්දි ඇස් පියාගෙන් ඔයාගේ හීනේ ගැන හිතන්න. ඇත්තටම ඔයාගේ හීනේ ලඟට යන්න ඒක තුළ ජිවත් වෙන්න. ඒකට ආදරය කරන්න. ආදරය කියන්නේ පුදුමාකාර ගුණංගයක්. ආදරය කියන්නේ දෙවියන්ට කියලා බයිබලයේ කියලා තියෙනවා.
ජේසු දුන්න නීති දෙකේම තියෙන්නේ ආදරය ගැන ඒවගේම මුළු දේව නීතියේම හරය ආදරය නැත්නම් ප්‍රේමය කියලා ජේසු කිව්වා. සෝ ඔයාගේ හීනෙට ආදරය කරන්න. මම කියන්න අදහස් කර ගෙන උන්නු බොහෝ දේවල් එකෙන් කියවුනා. නමුත් අරමුණක් ඉටු කරගන්න අවශ්‍ය ද්‍රව්‍ය මොනාද කියලා අපි පිළිවෙලට බලමු.

1.ආදරය

2.විශ්වාසය

3. පිළිවෙල


ආදරය ගැන අපි කථා කළා නේද? ආදරය ගැන අපිට පොත් දාහක් හරි ලියන්න පුළුවන්. පරිසරයට හිරැ වාගේයි ජිවිතයට ආදරේ. හිරැ නැති කාලේ කටුකයි සීතයි මුළු ලොවම මිය යයි. ආදරය නැත්නම් ජිවිතයත් ඒ වාගේ වෙයි. නමුත් මල්ලි නංගි මේක හිතන තරම් ලේසී වැඩක් නෙමේ. හිතන්නකෝ ඔයා පාසැල් යන කෙනෙක් නම් අම්මා තත්තා බනිනවා. රස්සාව කරන තැන බොසා බනිනවා. බොයි ෆෙරෙන්ඩ් බනිනවා. දැන් ඒ පුද්ගලයන් ගැන ආදරය හිතෙනවද? ඔයාට තරහක් නේද එන්නේ? අන්න අපිට වරදින තැන. එයාලා බනිනකොටත් රවනකොටත් එයාලා ගැන හොද හිතන්න. සමහර වෙලාවට එයාලා බනිනේ ඔයා ගැන හිතන නිසා වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔයා ගැන වැරදි විදියට හිතගෙන ඇති. වැරදි තොරතුරක් කව්රු හරි කියලා ඇති. ඒ නිසා නිසලව ඒ අයට හිතින් ආදරය කරන්න. එතකොට එයාලට මොනාද වෙන්නේ? එයාලට හිතෙයි තප්පෙකට බැන්නා වගේ කියලා. බනින එක තරහා ගන්න එක එයාලගේ ප්‍රශ්නයක්. ඇයි ඔයා ඒක ඔළුවට ගන්නේ. ඔයාගේ ඔළුව පිරිලා තියෙන්න ඔනා ඔයාගේ අරමුණෙන්. සෑම තප්පරයක්ම ඒ ගැන හිතන්න.ඒ අරමුණට යන එක නවත්තන්න කාටවත් ඉඩදෙන්න එපා. කිසිම වෙලාවක වෛරය නැමති විස මනසට ඇතුල් කර ගන්න එපා. ජේසු කිව්වා එක කම්මුලකට ගැහැවුවොත් අනිත් කම්මුලත් දෙන්න කියලා. ජේසු සරල වචන වලින් පැහැදිලි කලේ මේ අදහස තමයි. ඒ නිසා හැම වෙලාවෙම ආදරය කරන්න. හීනා වෙන්න. හිත නිසල කර ගන්න. ලොභ නොවී කටයුතු කරන්න. ඔයාගේ ජිවිතේ සැනසීම සතුට ගොඩක් වැඩි වේවි. බයිබලය කියන පොතට මම කැමති ඒකේ ප්‍රේමය ගැන ගොඩක් තියෙන නිසයි.
අපිට මුළු සිතින්ම අපි කරන දේට ආදරය කරන්න පුළුවන්නම් ජයග්‍රහණය එතැනයි. මම දන්න හිතවත් තරුණ ළමයෙක් හිටියා එයාගේ නම හේෂාන් කියමුකෝ හේෂාන්ට ඉගෙන ගන්න ඔනා එත් ආසාවක් තිබුනේ නෑ. මේ ඉන්න අතර තුර එයාට හම්බ වුනා දීප්තිව. දීප්තිගේ අත් දෙකයි කකුල් දෙකයි පණ නෑ. එත් එයා ව්‍යපාරිකයෙක් බවට පත් වෙලා තිබුනා. හේෂාන් දිප්තිගෙන් ඇහුවා ඇගේ රහස මොකක්ද කියලා. දීප්ති කිව්වේ රහස තමයි ආදරය එයා හැමදේටම වඩා ව්‍යාපාරයට ආදරෙයි කිව්වා. හේෂන් එතැන ඉඳලා ආදරය කරන්න පටන් ගත්තා අධ්‍යාපනයට. දැන් එයා හොදට ඉගෙන ගන්නවා. කැම්පස් යන්නත් ලෑස්තියි. ඇත්තටම ආදරය කරන්න. ආදරය දුන්නොත් තමයි ආදරය ලැබෙන්නේ. මම මෙහෙම අවසන් කරන්නම් අද කොටස, මම මේ බොලොග් එක පටන් ගද්දි කවුරුත් කියෙව්වේ නෑ එත් අද සතියට 100 ගානක් මගේ බ්ලෝග් එක කියවනව ඇයි ඒ? එකට හේතුව මගේ හීනේට මම ආදරය කළා. ඔයාගේ හීනේ දකින්න හීනේ ගැන හිතන්න එකට ගොඩාක් ගොඩාක් ආදරය කරන්න. ඔයාට විශ්වාස කරන්න පුළුවන් ඔයාව විශ්වාස කරන මට ඔයාගේ ඔනෑම ගැටලුවක් ලියලා එවන්න. අපි එකතු වෙලා උත්තර හොයමු. 

Sunday, August 23, 2015

ජිවිතය හරිම ලස්සනයි අගෝස්තු 23

ලේඛකයෙකුගේ දින පොත 5 කොටස


නැගිටින්න, නැගිටන්න කොල්ලෝ, නැගිටින්න කෙල්ලේ, ජිවිතය උඹ එනකල් බලා ගෙන් ඉන්නවා ආදරෙන්..... උඹලාව බදාගෙන ඉබගන්න සතුටින් ජිවිතය බලා ඉන්නවා මගේ දුවේ, මගේ පුතේ. ඇත්තයි උඹට හිතෙනවා ඇති මෙහෙම ගුලිවෙලා උන්නා නම් හොදයි කියලා .... එත් ජිවිතේ රස බැලුවා නම් ඔයා අද ඔතන ඉන්නේ නෑ. එන්න එලියට. නංගියේ මල්ලියේ ඔයාලට ගොඩක් හොද ජිවිතයක් ගත කරන්න ඒ ජිවිත විදවන්නේ නැතුව රස විදින්න ලස්සන අවස්ථාවක් තියෙනවා. ඔයාට තාම 19 ක් 20ක් වෙන්න ඇති. නැත්නම් ඉස්කොලේ යනවා ඇති. අපිට තව ගොඩක් කල් තියෙනවා කියලා ඔයා හිතනවා ඇති. නමුත් ජිවිතේ පටන්ගන්න කාලය දැන් කියලා හිතන්න.

අපි පොඩි වැඩක් කරමු. ගන්නකෝ කොලයක්........ තව අවුරදු 10කින් ඔයා ඉන්න තැන ලියන්න. තව අවුරුදු 10කින් ඔයා අත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ මොනවාද? කාර් එකක් ගන්න හිතනවද? ලස්සන ගෙයක් හදන්න, රට යන්න, බැඳලා සන්තෝෂයෙන් ඉන්න හිතනවා ඇති. අදින් අවුරුදු 10ක් ගියාම ඒ කියන්නේ 2025 දී. ඔයා කරන දේ ලියන්න.

ඇත්තටම මේ ජිවිතය හරිම ලස්සන තැනක් කොච්චර ලස්සන තැන් තියෙනවද පොළවේ. ජේසු කිව්වා කෙතේ තියෙන පුංචි තණකොළ මලක් රජකෙනෙක් සැරසිලා ඉන්නවාට වඩා ලස්සනයි කියලා. 


ඒක ඇත්ත නේද? 

හිම කැටයක් කොච්චර ලස්සනද? මේ ලෝකේ කොච්චර ලස්සන තැන් තියෙනවද? ඉතාලිය, ප්‍රංශය ඉන්දියාව කොච්චර ලස්සන රටවල්ද? ඒ රටවලට ගිහිල්ලා ඒවා බලන්න ආසා නැද්ද? යන්න බලන්න. ක්‍රියාශීලි වෙන්න. මෙලෝ රහක් නැති කම්මැලියෙක් වෙන්න එපා. අපි ජිවිතේ ජය ගන්නවා. ඔයා ජිවිතේ ජය ගන්නවා.

දැන් අර කොලේ ගන්න. දැන් විනාඩි 6ක් 7ක් අරගෙන් හිතින් මවා ගන්න ඔයා දැන් ඉන්නේ අවුරුදු 10කින් ඔයා එන්න ආස කරන ලස්සන තත්වේ කියලා. පුළුවන් තරම් ඩිටේල්ස් දලා හිතන්න. ඔයා අසා කාර් එකකට නම් එකේ පාට මොඩ්ල් එක කාර් එකේ ඇතුලේ ස්භාවය ඒ සේරම හිතන්න. අතට දැනෙන්න අරින්න.

දැන් ඔයාට දැනෙන්නේ කොහොමද? හොදයි අපි අයේ හෙට හම්බ වෙමු. ඔයාට හිතුනුදේ කමෙන්ට එකකින් දාන්න. හෙට අපි අලුත් දෙයක් කරමු. 

Tuesday, August 18, 2015

නිර්මාණ 2


ඊයේ ඡන්දේ, මම නම් ඡන්දේ දාන්න ගියේ නෑ. එක තේරුමක් නෑ. වෙලාවකට පිස්සුවක් වගේ. අපි තොරපු උන් අපිටම කෙලින කොට මාර ආතල් එකක් ඇති නේද? සමහරු අම්මා තාත්තටවත් අපේක්ෂකයන්ට තරම් සලකන්නේ නෑ. ඉතිං මම ඡන්දේ දාන්න ගියේ නෑ. දැන් කාරණේට බහිමුද? නිර්මාණය හා නිර්මාණකරණය ගැන නේ මේ අපි කථා කර කර හිටියේ. දැන් මම නිර්මාණය 1 කොටසේ කියු එක ක්‍රමයක් වඩා හොදින් පැහැදිලි කරන්නම්. එ්ක තමයි යම් සුළු සිද්ධියක් ගැන දිගින් දිගටම සිතීමේන නිර්මාණයක් බිහි කිරීම.
උදහරණයකට මම මොටර් බයික් එකේ ගමනක් ගියා. මම යන ගමන් හිතුවා මම යන්නේ අස්සයෙක්ගේ පිටේ කියලා මම කුමාරයෙක් කියලා දැන් බලන්න ලිය වෙන දේ.


-------------------------------------------------------------------------------------------------------------

කුමාරය වෙරළ තිරය දිගේ ඇති පාරට පිවුසුනා ඔහුගේ වම් පසින් තිබෙන්නේ කළු වළාකුල් සෙවන වැටී අඳුරු පාට ගත් මුහුදයි. දකුණු පසින් ඝනව වැඩුනු කැළයත් තැනින් තැන නිවස් කීපයකුත් දක්නට ලැබුනි. කුමාරයා එක වරම ගම්මානයට පිවිසියේය. කවදත් මිත්‍රශිලී වු කුමාරයා සිනාහවකි මුව සරසාගෙන දකින සැම අයට අචාර කළේය.
කවුද ඒ, තැන තැන මිනිසුන් කථා වෙන්නට විය. කුමාරය නොනැවති ගමන් කළේය.
ඒ අපේ කුමාරය එකෙක් කෑ ගසමින් කුමාරයා ගමන් කළ දෙසට ගමන් කරන්න විය.
කුමාරය ඇවිල්ලා ගැහැනියක් කීවාය.
තවත් එකෙක් පළමුවට කෑගැසු මිනිසා පසුපස දිව ගියේය. අපේ කුමාරයාට ජය වේවා. විශාල ජන සමුහයක් කුමාරයා ගමන් කළ දෙසට ගමන් කරන්න විය. කුමාරයා සෙමෙන් වේගය අඩු කළේය. ජනතා විශාල ප්‍රමාණයෙන් ඔහු වටා රැස්වුනේය. අපේ කුමාරයට ජය වේවා යන හඬ හැතැක්මක් පමණ එහායින් වු හේවා බලමුළුවටද ඇසී මහත් කළඹලයක් ඇති විය.
සෙනවිතුමනි කුමාරයාට ජය වේවා කියලා හඬක් ඇසෙනවා. තම අතින් සළුව ගෙන පැමිණි තිස්ස නැමති උපසෙන්පතිතුමා සෙන්පති බණ්ඩාරට දැන්වුවේය.
කුමාරයා......... සෙනවිතුමා මිමුණුවේය.
සේනාව ලෑස්ති කරන්න තිස්ස......
සෙනවිතුමා අසල වු රාක්කයෙන් හිස්වැස්ම ගෙන පැළඳ ගත්තේය. එමෙන්ම තම කඩුව ඊඟ වාටා පැළඳ ගත්තේය. යුද්ධ බිමට යාමට මෙන් සැරසුනු සෙනවිතුමා තම කුටියෙන් පහළට බැස්සේය.
සෙනවිතුමා............ කුමාරයා ඇවිල්ලද? සරාගී හඬක් වම්පස තිබෙන කුටිරයෙන් ඇසුනි.
ඔව් කුමාරයා ඇවිල්ලා. පැවසු සෙනවිතුමා ඉක්මන් ගමනින් සේනාව රැස්කර තිබු තැන වෙත ගියේය. සේනාව ඉදිරියේ බලකොටුවේ දොරටුව මුහුණලා බණ්ඩාර සෙනවිතුමා සිටගත්තේය.
කුමාරයාට ජයවේවා කියන හඬ ලඟ ලඟම ඇසෙන්නට විය.
බලකොටුව ඉහල සිටි දුනුවායන් සිය දුනු එකවර පස්සට ඇද සුදානම් කර ගත්තේය.
කන්ද නැග එන කුමාරයාත් ඔහු පසු පස එන මාහා ජන කඳත් මුර භටයන්ට දකින්නට ලැබුනි. බලකොටු පාමුළට ආ කුමාරයා සීනාමුසු මුහුණින් දුනුවායන් දෙස බැලුවේය. මැද සිටි දුනුවායෙක් දුන්න හෙමින් පහළට ගත්තේය.
උඹලාගේ කුමාරය මෙතන ඉන්නවා. කුමාරයා හැටියට රජ්‍යය භාර ගන්නයි මම සැරසෙන්නේ මගේ පැත්තට ඉන්නේ කවුද? කුමාරයා හිස ඔසවා අසන විට මුළු ජනතාවත් සේනාවත් මීයට පිඹාක් වැනි ස්භාවයක් ගත්තේය. සුළගේ හඬ පමණක් ඇසුනි.
කුමාරයාට ජය වේවා. දුන්න පහළට ගත් හේවායා කෑගැසුවේය. ඉන්පසු ජනතාව කෑගැසීමට පටන් ගත්තේය. ඉන්පසු පාබල හමුදාවත් අශ්වාරෝහකයිනුත් උපසෙනවිවරුත් කෑගසන්නට විය.
දොරටු විවෘත්ත කරනු නිහඬව සිටි සෙනවිතුමා තම හඬ අවදි කළේය. නැවත මුළු ප්‍රදේශයම නිහඬවිය. දොරටුවල සුවිශාල අගුල් මහත් හඬක් නගමින් ඇරෙද්දි කුමාරයා රාජ තේජසින් යුතුව තම අසු මත සිටියේය.
සෙන්පතියාගේ ගම්භීර මුහුණ කුඩා හුරතල් දරැවෙක් දකින විට ඇති වන සෙනහසකින් පිරී ගියේය. දෑත් දෙපසට යොමු කළ සෙන්පතියා කුමාරයා අපි වෙන්නයිආර් බලකොටුවට සාදරයෙන් පිළිගන්නවා.කුමාරයා අසපිටින් බැස දිව විත් බණ්ඩාර සෙනවිතුමාව බදා ගත්තේය. එවිට නැවත ඝොෂාව පටන්ගත්තේය.



දැක්කද? නිර්මාණයක් කිරීමට සෑබෑ ජිවිත අද්දැකීමක්ම අවශය නෑ. අපේ මොළය කර්මාන්ථ ශාලාවක් වගෙයි. හැබැයි එයින් එලියට එන දේ අපි දන්නේ නෑ. අපි දන්නේ ඇතුල් කරන දේ විතරයි. දැන් ඔයාලට පුළුවන් අභ්‍යාසයක් ලෙස ක්‍රියාකාරකමක් කරන්න. ප්‍රතිභාව කියන දේ මම විශ්වාස කරන්නේ නෑ. නමුත් සතත අභ්‍යාසය අත්‍යවශ්‍යමයි. සතත අභ්‍යාසයේ මුදුන් පලය තමයි ප්‍රතිභාව. ඔනෑම දෙයක දිගින් දිගටම යෙදීමෙන් එහි දක්ෂයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා අතහරින්න එපා ඔබටත් බෙතොවන් කෙනෙක්, ශේක්ෂ්පියර් කෙනෙක් පෝලෝ කොයෙලෝ කෙන්ක් විය හැකියි. 

Thursday, August 13, 2015

නිර්මාණය අගොස්තු 12 2015

ටික දවසක් ගියා දන්නවනේ මම පුර්ණ කාලීන ලේඛකයෙක් නෙමෙයිනේ ඉතිං මට ටිකක් කාලය යනවා ලියන්න. කාලයක ඉදලා මම හිතාගෙන ඉන්නවා නිර්මාණයක් ඇති වන ආකාරය පැහැදිලි කරන්න. ඒකට හේතු වුනේ මම ලියන නවකථාවක තියෙන කිස් කරන කොටසක් මගේම අද්දැකීමක් කියලා ගොඩක් දෙනෙක් හිතා ගෙන සිටීමයි. කිස් කරලා තියෙනවා ඒ මගේ නෝනාව නමුත් නව කථාවේ තියෙන්නේ මගේ අද්දැකීමක් නෙමෙයි. එතකොට කොහොමද අපි මේවා ලියන්නේ. අලුතින් ලියන නංගිලා මල්ලිලාටත් මේක හොදයි. යමක් නිර්මාණය කරීමේදී ක්‍රමවේදයන් කීපයක් තියෙනවා.

1.       අනුන්ගේ අද්දැකීමක් මගේ කර ගැනීම
2.       යම් සුළු සිද්ධියක් ගැන දිගින් දිගටම සිතීම, සිතමින් එයට කොටස් එකතු කිරීම
3.       පොතක්, චිත්‍ර පටියක් ඇසුරෙන් (උදා- ඩීමන් ආනන්ද)
4.       දකින සිහිනයක් විකාශනය නැත්නම් පුළුල් කර සිතීම
5.       තාමාගේම ජිවිත අද්දැකීම්


අපි බලමු උදාහරණයක්. ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රේ කියන චිත්‍ර පටිය සැකසී තියෙන්නේ කාන්තාවක් හා පිරිමියෙකුගේ ප්‍රේම සම්බන්ධයක් පදනම් කරගෙන කාන්තාව කථාව කියන විදියට. නමුත් මේකම අපිට පිරිමියා දකින විදයට ලියන්න පුළුවන්. අද වැඩ දැන් උදේ 7.30යි දැහැමි බලා ඉන්නවා මා ඇය වෙත එන තුරු, ඔබත් දැහැමි දෙස බලා ඉන්නවා කියල මා දන්නවා නමුත් එම නවකථාව නොලියන්න කියා ලොකු බලපෑමක් තියෙනවා. කමක් නෑ මම උත්සහා කරනවා මගේ ජිවිතෙත් රැකගෙන කථාව ලියන්න. ඔබට කරන්න පුළුවන් උදව්ව තමයි මගේ බොලොග් එකට කමෙන්ටස් දැමීම මාව උනන්දු කරලා. දැන් වැඩට යන්න වෙලාව හරි, අද අපේ ව්‍යාපාර සංවර්ධන කළමණාකරු එනවා. ජිවිතය කියන්නේ සතුට ගෙන එන විනොදගමනක් ඒක අමතක කරන්න එපා. සතුටින් ඉන්න සිංදුවක් අහලා. ජය වේවා.