Sunday, August 23, 2015

ජිවිතය හරිම ලස්සනයි අගෝස්තු 23

ලේඛකයෙකුගේ දින පොත 5 කොටස


නැගිටින්න, නැගිටන්න කොල්ලෝ, නැගිටින්න කෙල්ලේ, ජිවිතය උඹ එනකල් බලා ගෙන් ඉන්නවා ආදරෙන්..... උඹලාව බදාගෙන ඉබගන්න සතුටින් ජිවිතය බලා ඉන්නවා මගේ දුවේ, මගේ පුතේ. ඇත්තයි උඹට හිතෙනවා ඇති මෙහෙම ගුලිවෙලා උන්නා නම් හොදයි කියලා .... එත් ජිවිතේ රස බැලුවා නම් ඔයා අද ඔතන ඉන්නේ නෑ. එන්න එලියට. නංගියේ මල්ලියේ ඔයාලට ගොඩක් හොද ජිවිතයක් ගත කරන්න ඒ ජිවිත විදවන්නේ නැතුව රස විදින්න ලස්සන අවස්ථාවක් තියෙනවා. ඔයාට තාම 19 ක් 20ක් වෙන්න ඇති. නැත්නම් ඉස්කොලේ යනවා ඇති. අපිට තව ගොඩක් කල් තියෙනවා කියලා ඔයා හිතනවා ඇති. නමුත් ජිවිතේ පටන්ගන්න කාලය දැන් කියලා හිතන්න.

අපි පොඩි වැඩක් කරමු. ගන්නකෝ කොලයක්........ තව අවුරදු 10කින් ඔයා ඉන්න තැන ලියන්න. තව අවුරුදු 10කින් ඔයා අත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ මොනවාද? කාර් එකක් ගන්න හිතනවද? ලස්සන ගෙයක් හදන්න, රට යන්න, බැඳලා සන්තෝෂයෙන් ඉන්න හිතනවා ඇති. අදින් අවුරුදු 10ක් ගියාම ඒ කියන්නේ 2025 දී. ඔයා කරන දේ ලියන්න.

ඇත්තටම මේ ජිවිතය හරිම ලස්සන තැනක් කොච්චර ලස්සන තැන් තියෙනවද පොළවේ. ජේසු කිව්වා කෙතේ තියෙන පුංචි තණකොළ මලක් රජකෙනෙක් සැරසිලා ඉන්නවාට වඩා ලස්සනයි කියලා. 


ඒක ඇත්ත නේද? 

හිම කැටයක් කොච්චර ලස්සනද? මේ ලෝකේ කොච්චර ලස්සන තැන් තියෙනවද? ඉතාලිය, ප්‍රංශය ඉන්දියාව කොච්චර ලස්සන රටවල්ද? ඒ රටවලට ගිහිල්ලා ඒවා බලන්න ආසා නැද්ද? යන්න බලන්න. ක්‍රියාශීලි වෙන්න. මෙලෝ රහක් නැති කම්මැලියෙක් වෙන්න එපා. අපි ජිවිතේ ජය ගන්නවා. ඔයා ජිවිතේ ජය ගන්නවා.

දැන් අර කොලේ ගන්න. දැන් විනාඩි 6ක් 7ක් අරගෙන් හිතින් මවා ගන්න ඔයා දැන් ඉන්නේ අවුරුදු 10කින් ඔයා එන්න ආස කරන ලස්සන තත්වේ කියලා. පුළුවන් තරම් ඩිටේල්ස් දලා හිතන්න. ඔයා අසා කාර් එකකට නම් එකේ පාට මොඩ්ල් එක කාර් එකේ ඇතුලේ ස්භාවය ඒ සේරම හිතන්න. අතට දැනෙන්න අරින්න.

දැන් ඔයාට දැනෙන්නේ කොහොමද? හොදයි අපි අයේ හෙට හම්බ වෙමු. ඔයාට හිතුනුදේ කමෙන්ට එකකින් දාන්න. හෙට අපි අලුත් දෙයක් කරමු. 

No comments:

Post a Comment