Sunday, August 12, 2018

බුදු දහමද මේ.........................

මම ටොස්මාස්ටර්ස් කල්බ් එකේ බොහෝම වටිනා රැස්වීමකට පස්සේ ගෙදර එන්න බස් එකකට ගොඩ වුනා. සෙනඟ පිරීලා කොච්චි ස්ට්‍රයික් එක නිසා. කොහොම හරි නැගගත්තා කියන්නකෝ, මෙහෙම එනකොට මම ජනෙල්ලෙන් දැක්කා මිනිස්සු පොරකනවා දොරකින් ඇතුල් වෙන්න. මම හොදට බලා උන්නා. ට්‍රැෆික් නිසා බස් එකත් බොහෝම ස්ලෝ වුනා. අනේ ඒක පල්ලියක්, මොකටද මේ පොරෙකන්නේ බස් එක උස නිසා මට පෙනුනා සුදු ලෝගුවක්, බෙදනවා අශිර්වාද පැන්. ඇත්තටම මට දුක හිතුනා මේ මිනිස්සු ගැන. ඒ මිනිස්සු මෙතනට එන්න ඇත්තේ මොනතරම් බලාපොරොත්තු ගොන්නක් එක්කද? සමහර කෙනෙක්ගේ රස්සාව නැතිවෙලා ඇති. විභාගයක් පාස් වෙන්න තියෙනවා ඇති. පිලිකාව, වකුගඩු රෝග තව කොච්චර දේවල් ප්‍රශ්න තියෙන්න ඇතිද? නමුත් ඔය වතුරෙන් ඔය සේරම සුව වෙනවා නම් කොච්චර හොදද? නමුත් ඒක එහෙම නෙමේ කියලා මේ මිනිස්සුන්ට තෙරෙන්නේ නැති හැටි හරිම පුදුමයි. ඇත්තටම තමන් යන්නේ ව්‍යාපාරික ස්ථානයකට මේ සුදු ලෝගුව දාගෙන ඉන්නේ ඒකේ මැනේජර් කියලා ඒ අයට හිතෙන්නේ නැත්තේ ඇයි? අනේ සහෝදරවරුනි අධ්‍යාත්මය විනිවිද දකින්න උත්සහ කරන්න. සල්ලි ගන්න සල්ලි එකතු කරන ආයතනයක් නම් එය ව්‍යාපාරයක්. රැවටෙන්න එපා. නමුත් ඔයාගේ අධ්‍යාත්මය හදාගෙන ජිවිතය සාර්ථක කරගන්න කෙනෙක් ඔයාට උදව් කරනවා නම් අන්න එතෙන්ට ඔයා යන්න. ඔයාගේ ප්‍රශ්නේ විසදුනා නම් හිතේ සතුටින් ඒ අයාතනය පවත්වාගෙන යන්න උදව්වක් කරන්න.

බස් එක එතනින් යනකොට කීපදෙනෙක් අපේ බස් එකට ගොඩ වුනා. අපේ පැත්ත ඉතිං ක්‍රිස්තියානි පැත්තක්නේ ගොඩක් අය ක්‍රිස්තියානි. තරුණ හාමුදුරුනමක් උන්නා පුජක පස්සෙට වෙන් කර තිබුනු සීට් එකේ. බස් එකේ සෙනඟ අනේ වයසක අච්චි කෙනෙක් බොහෝම අමාරුවෙන් පොඩි වෙවි තැලි තැලි නැග ගත්තා බස් එකට. තරුණ හාමුදුරුනම එක්ක හිටපු පිරිමි ළමයා නැගිටලා දුන්නා ඉඩ  ඒ ගෑනු කෙනාට ඉඳගන්න. මගේ හිතේ මැවිලා පෙනුනා ඊලඟට වෙන දේ. මොකද ගෑනුකෙනෙක් ලඟ ඉඳගෙන යන එක අකැපැයි ලු හාමුදුරුවන්ට. අනේ හමුදුරුවනේ ගෙදර බුදුන් අම්මා කියලා නේද? ඔහේලා කියන්නේ එහෙව් එකේ තමන් ලඟින් වයසක කාන්තාවක් ඉඳගත්තම මක් වෙනවද?  ආගම් මිනිස්සුන්ව නිවැරදි කරනවා කිව්වට මොනද මේ කරන්නේ? ආගම හරිම පරස්පර විරෝධීයි. නමුත් අන්ධ මිනිසුන්ට මේක නොතේරන එක අරුමයක් තමයි. ඉතිං අපේ කථාවට අපි ආවොත් ඒකම තමා වුනේ හාමුදුරුවෝ අර ගෑනු කෙනාව නැගිට්ටෙව්වා. අනේ ඒ උන්දා ආයේ තෙරපි තෙරපී අමාරුවෙන් හිට ගත්තා. මම නම් පුද්ගලිකව ඔය පුජක සීට් වලට විරුද්ධයි. හැම ආගම් කතෘවරයෙක්ම තමාට තිබුදේ කැප කළ. නමුත් මේ අය අද මිනිසුන්ගේ සල්ලි වලින් සැප විදිනවා.  ඇත්තටම ආගමද මේ....... බදු දහමද මේ...............????

No comments:

Post a Comment